සරළව කිව්වොත් පබ්ලිෂ් කරන අලුත් පෝස්ට් රීඩර් වල වත් මගේ හෝ උඹලගේ බ්ලොග් රෝල් වලවත් අප්ඩේට් වෙන්නෙ නෑ, අඩියට වෙලා පරණ පෝස්ට් එකක් පෙන්නගෙන ඉන්නවා.
මම කරපු දේවල් මෙන්න:
ජාලේ හැමතැනම බැලුවා සර්ච් කරලා. ප්‍රශ්ණෙ විතරයි. කිසිම තැනක උත්තරයක් හම්බවුනේ නෑ.
යාලුවන්ගෙන් ඇහුවා. හුඟදෙනෙක් කිව්වෙ ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න කියලා.
මට ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න දුක නිසා, අලුතෙන් ඇරියා බ්ලොග් එකක් ඒ සඳහාම Glidepath කියලා.
අපරාදෙ කියන්න බෑ Glidepath නිසාත්, ජාලෙ සර්ච් කරලත් සෑහෙන වෙනත් දේවල් ඉගෙනගත්ත, හොයා ගත්තා. (උඹලටත් කියන්න, වෙනත් ප්‍රශ්ණවලටත් උත්තර ලැබුනෙ)
අන්තිමේදි ටෙම්ප්ලේට් එකත් වෙනස් කලා, අකමැත්තෙන්. රෙදි ගැලෙව්වා අප්පා. ඩෙනිම හේදුවා. දුකේ බැරුවා!
අන්තිමේදි අර SOS පෝස්ට් එක දාලා හැමෝගෙන්ම ඉලුවා HeyDude සහ මට හිතෙන හැටි බ්ලොග් රෝල් වල එල්ලගන්න කියලා. e-mail subscribe කරන්න කියලත් කිව්වා.
ඒ අතරෙ මගෙ යාලුවො කරපු දේවල්:
චන්දන වෙනම බ්ලොග් පෝස්ට් එකක්ම දැම්මා මා වෙනුවෙන් redirect වෙන්න.
අයිලාස් සැමරුමේ සයිඩ් බාර් එකේ ගැජට් එකක් එල්ලුවා මගේ ඩෙනිමට ලින්ක් කරලා.
බුද්ධියා දුන්නා වැප් දොස්තරගෙ ඊ මේල් එකත්.
අනිත් උන් ප්‍රාර්ථනා කලා ඉක්මන් සුව සහ වෙනත් විකල්ප.
බැරිම තැන උණුවතුර ලිඳකට පනින්නත් හදලා...
...වතුර රස්නෙ හන්දා පැන්නෙ නෑ
අන්තිමේදි මෙහෙමයි ගොඩදාගත්තෙ!
චන්දන කිව්වා මෙහෙම:
මේ වෙනකොට මම ෆීඩ් චෙක් කරලා තිබ්බෙ. කිසිම අප්සෙට් එකක් පේන්න තිබ්බෙ නෑ.
මම කල්පනා කලා චන්දනයගෙ රැවුල නැතුවට හෙඩ් ෆෝන් දාලා කැප් එක දාලත් ඉන්න එකේ (ඉස්සර ඕකා ජොකෙක් ඔලුවෙ දාගෙනත් හිටියා නෙව) මූ කියන එකත් කරලා බලන්න.
ඇලෙව්වා චන්දන කියන feed එක කොපි කරලා ටෙක්ස්ට් ඩොක් එකක. (හරි ඒක තමයි දැනටත් තියෙන්නෙ)
ඕනෙ ගුද මාර්ගයක් කියලා ඇලෙව්වා සෙටිංස් වල තියෙන original එකත් ඊට යටින්.
http://bluejeansntshirts.blogspot.com/feeds/posts/default?alt=rss - What Chandhana says
http://bluejeansntshirts.blogspot.com//feeds/posts/default?alt=rss - original
ඉතින්? ඒක තමයි යකෝ තියෙන්නෙ.
ඈ?
මොනවා?
මේ යට පේලිය පොඩ්ඩක් දිගයි නේද?
ම්ම්ම්ම්?
ඔව් නේ!
ඊට පස්සෙ අකුරෙන් අකුර චෙක් කලා. සල්ලි සල්ලි කියලා බැලුවෙ නෑ.
යුරේකා! මෙන්න ප්‍රොබ්ලම් එක! යේ!
http://bluejeansntshirts.blogspot.com/feeds/posts/default?alt=rss - What Chandhana says
http://bluejeansntshirts.blogspot.com//feeds/posts/default?alt=rss - original
මෙතන / වෙනුවට // තියෙනවනෙ යකෝ!!!!! ඒකනෙ අවුල!
අම්මා ගහයි කී බෝඩ් එකෙන්!
චන්දන නිසයි මේක අහුවුනේ.
අරක remove කලා. සෙටිංස් සේව් කලා.
ඇලෙව්වා තනි / එකේ ෆීඩ් එක.
සෙටිංස් සේව් කලා.
හම්ම්.
දැන් රිලෝඩ් කරලා බලමු බ්ලොග්.
නෑ වෙනසක්. බලමු.
ඇරියා පොස්ට් එක එඩිට් කරන්න. ඇලෙව්වා මේ කෑල්ල
(Glidepath එක පර්යේෂණ බ්ලොගක් හන්දා මම කාටවත් ඒක ගැන කිව්වෙ නෑ. මෙන්න මගෙ බොක්කවල් ඒකත් එල්ලගෙන! බොක්කෙන්ම තෑන්ක්ස් වේවා.)
අප්ඩේට් කලා.
දැන් මේ දවස් තුනක් උදේ ඉඳලා රෑවෙනකල් ලැපිය ඉස්සරහ ඉඳගෙන ඇස්වල පොට යනකල් මේක විසඳන්න කාපු කට්ටෙ අග්‍ර ඵලය භුක්ති විඳින්නයි යන්නෙ.
අඩේ මෙන්න අප්ඩේට් වුනා. මගේ ඩෙනිමේ බ්ලොග් රෝලෙම.
ඇරියා මගේ පර්යේෂණ බ්ලොග Glidepath
රීලෝඩ් කලා.
මෙන්න බඩු වැඩ! එළ නේ!

උඹලා හැමෝටම ස්තුතියි බොක්කෙන්ම!