Sunday, March 24, 2013

68. YEAH I DID IT! චන්දන උඹට ස්තුතියි!


මගේ බ්ලොගර් අවුල දැන් කවුරුත් දන්නවනෙ. දන්නෙ නැති අය මෙතනින් ගිහින් බලන්නකො මගේ SOS පෝස්ට් එක. :)

සරළව කිව්වොත් පබ්ලිෂ් කරන  අලුත් පෝස්ට්  රීඩර් වල වත් මගේ හෝ උඹලගේ බ්ලොග් රෝල් වලවත් අප්ඩේට් වෙන්නෙ නෑ, අඩියට වෙලා පරණ පෝස්ට් එකක් පෙන්නගෙන ඉන්නවා.

මම කරපු දේවල් මෙන්න:

ජාලේ හැමතැනම බැලුවා සර්ච් කරලා. ප්‍රශ්ණෙ විතරයි. කිසිම තැනක උත්තරයක් හම්බවුනේ නෑ.

යාලුවන්ගෙන් ඇහුවා. හුඟදෙනෙක් කිව්වෙ ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න කියලා.

මට ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න දුක නිසා, අලුතෙන් ඇරියා බ්ලොග් එකක් ඒ සඳහාම Glidepath කියලා.

අපරාදෙ කියන්න බෑ Glidepath නිසාත්, ජාලෙ සර්ච් කරලත් සෑහෙන
වෙනත් දේවල් ඉගෙනගත්ත, හොයා ගත්තා. (උඹලටත් කියන්න, වෙනත් ප්‍රශ්ණවලටත් උත්තර ලැබුනෙ)

අන්තිමේදි ටෙම්ප්ලේට් එකත් වෙනස් කලා, අකමැත්තෙන්. රෙදි ගැලෙව්වා අප්පා. ඩෙනිම හේදුවා. දුකේ බැරුවා!

අන්තිමේදි අර SOS පෝස්ට් එක දාලා හැමෝගෙන්ම ඉලුවා HeyDude සහ මට හිතෙන හැටි බ්ලොග් රෝල් වල එල්ලගන්න කියලා. e-mail subscribe කරන්න කියලත් කිව්වා.


ඒ අතරෙ මගෙ යාලුවො කරපු දේවල්:

චන්දන වෙනම බ්ලොග් පෝස්ට් එකක්ම දැම්මා මා වෙනුවෙන් redirect වෙන්න.

අයිලාස් සැමරුමේ සයිඩ් බාර් එකේ ගැජට් එකක් එල්ලුවා මගේ ඩෙනිමට ලින්ක් කරලා.

බුද්ධියා දුන්නා වැප් දොස්තරගෙ  ඊ මේල් එකත්.

අනිත් උන් ප්‍රාර්ථනා කලා ඉක්මන් සුව සහ වෙනත් විකල්ප.



බැරිම තැන උණුවතුර ලිඳකට පනින්නත් හදලා...



...වතුර රස්නෙ හන්දා පැන්නෙ නෑ

අන්තිමේදි මෙහෙමයි ගොඩදාගත්තෙ!

චන්දන කිව්වා මෙහෙම:

 


මේ වෙනකොට මම ෆීඩ් චෙක් කරලා තිබ්බෙ. කිසිම අප්සෙට් එකක් පේන්න තිබ්බෙ නෑ.

මම කල්පනා කලා චන්දනයගෙ ‍රැවුල නැතුවට හෙඩ් ෆෝන් දාලා කැප් එක දාලත් ඉන්න එකේ (ඉස්සර ඕකා ජොකෙක් ඔලුවෙ දාගෙනත් හිටියා නෙව) මූ කියන  එකත් කරලා බලන්න.

ඇලෙව්වා චන්දන කියන feed එක කොපි කරලා ටෙක්ස්ට් ඩොක් එකක. (හරි ඒක තමයි දැනටත් තියෙන්නෙ)

ඕනෙ ගුද මාර්ගයක් කියලා ඇලෙව්වා සෙටිංස් වල තියෙන original එකත් ඊට යටින්.

http://bluejeansntshirts.blogspot.com/feeds/posts/default?alt=rss    - What Chandhana says

http://bluejeansntshirts.blogspot.com//feeds/posts/default?alt=rss   - original


ඉතින්? ඒක තමයි යකෝ තියෙන්නෙ.

ඈ?

මොනවා?

මේ යට පේලිය පොඩ්ඩක් දිගයි නේද?

ම්ම්ම්ම්?

ඔව් නේ!


ඊට පස්සෙ අකුරෙන් අකුර චෙක් කලා. සල්ලි සල්ලි කියලා බැලුවෙ නෑ.

යුරේකා! මෙන්න ප්‍රොබ්ලම් එක! යේ! 


http://bluejeansntshirts.blogspot.com/feeds/posts/default?alt=rss    - What Chandhana says

http://bluejeansntshirts.blogspot.com//feeds/posts/default?alt=rss   - original


මෙතන  / වෙනුවට // තියෙනවනෙ යකෝ!!!!! ඒකනෙ අවුල!

අම්මා ගහයි කී බෝඩ් එකෙන්!

චන්දන නිසයි මේක අහුවුනේ.

අරක remove කලා. සෙටිංස් සේව් කලා.

ඇලෙව්වා තනි / එකේ ෆීඩ් එක.

සෙටිංස් සේව් කලා.

හම්ම්.

දැන් රිලෝඩ් කරලා බලමු බ්ලොග්.

නෑ වෙනසක්. බලමු.

ඇරියා පොස්ට් එක එඩිට් කරන්න. ඇලෙව්වා මේ කෑල්ල

(Glidepath එක පර්යේෂණ බ්ලොගක් හන්දා මම කාටවත් ඒක ගැන කිව්වෙ නෑ. මෙන්න මගෙ බොක්කවල් ඒකත් එල්ලගෙන! බොක්කෙන්ම තෑන්ක්ස් වේවා.)

අප්ඩේට් කලා.

දැන් මේ දවස් තුනක් උදේ ඉඳලා රෑවෙනකල් ලැපිය ඉස්සරහ ඉඳගෙන ඇස්වල පොට යනකල් මේක  විසඳන්න කාපු කට්ටෙ අග්‍ර ඵලය භුක්ති විඳින්නයි යන්නෙ.

අඩේ මෙන්න අප්ඩේට් වුනා. මගේ ඩෙනිමේ බ්ලොග් රෝලෙම.






ඇරියා මගේ පර්යේෂණ බ්ලොග Glidepath

රීලෝඩ් කලා.

මෙන්න බඩු වැඩ! එළ නේ!


උඹට ස්තුතියි චන්දන! අක්මාවෙන්ම! උණ්ඩුක පුච්ඡයෙන්ම! උඹව මුණ ගැහිච්චදවසක උඹයි මමයි කමු ඉඳි ආප්ප වක්‍ර පිධාන දිගෑරෙන්නම! ලැංගර්හැන් දීපිකා පරල වෙන්න!  ආමාෂයික යුෂ දෝරෙ ගලන්නම!මට වචන එනවා මදි අර සිතුම් පැතුම් රයිටරයා තමයි මේවගේ හැඟීම් විස්තර කරන්න දන්නෙ! :D


උඹලා හැමෝටම ස්තුතියි බොක්කෙන්ම!




26 comments:

  1. යේ....................... සුබ පතනවා ඩුඩ් ප්‍රශ්නේ විසදුනාටත් ඒ වගේම ඔච්චර හොද යාලුවෝ ඉන්න එකටත්.... :D

    දැන ඉතින් අලුත් පෝස්ට් එනකල් අපි බලාගෙන ඉන්නවා...... :D :D :D

    ReplyDelete
    Replies
    1. මටත් ලොකුම සහනයක් ඒක නම්.

      Delete
  2. //උඹව මුණ ගැහිච්චදවසක උඹයි මමයි කමු ඉඳි ආප්ප වක්‍ර පිධාන දිගෑරෙන්නම! ලැංගර්හැන් දීපිකා පරල වෙන්න! ආමාෂයික යුෂ දෝරෙ ගලන්නම!//

    බුරි උල් වෙන්න :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ. ඒක මිස් වුනානෙ.

      Delete
  3. කෝමාව යොදන තැන වෙනස් කරලා මරනෙනුත් බේරුනාලුනේ. මටත් ඔය මොන මළදානයක්වත් තේරෙන්නේ නෑ. ගෝල බාලයන්ගේ උදව්වෙන් තමයි ඇදගෙන යන්නේ.

    ReplyDelete
    Replies
    1. යකෝ ඉගෙන ගනින් වහාම. උඹව තියන්න වටින්නෙ නෑනෙ!

      Delete
  4. හෑ බලනකොට මේ පොඩි ඉරි කෑල්ලක් ලොකු ලෙඩක් ඇදලනෙ!!
    ඇති යන්තම් ඇති ඔයින් විසදුනා!
    කොහොමද දැන් හිතට දැනෙන සනීපෙ? කියන්න වචන නෑ නේද Dude අයියා!

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ ගිමන් තියෙන සනීපෙ නම්. බලන්නකො පොඩි ඉරි කෑල්ලක් කරපු දෙයක්!

      Delete
  5. අර ලින්ක් තුනම මගේ බ්ලොග් එකේ දාලා, වැඩ කරන බව සනාථ කරගෙන, මෙතන දාපු කමෙන්ට් එක ආගිය අතක් නෑ.



    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනෙ විචාරක තුමෝ බොනකොට ටිකක් අඩුවෙන් බොන්න කියන්නෙ, කිව්වට අහන එකක්යෑ. මේ පහල තියෙන කමෙන්ට් එකනෙ? ඒක දැම්මෙ මේ බ්ලොග් එකටත් නෙවෙයි, මගේ ඩෙනිමට. මම මේ ඒකෙන් කොපි කරලා ඒක මෙතන ඇලෙව්වෙ.
      ඒකට හේතුව දන්නවද විචාරක? තමුන්නාන්සෙගෙ බ්ලොග් රෝලෙ HeyDude නම් කරලා තියෙන්නෙ මගේ ඩෙනිම 2 හැටියටද කොහෙද. ඒකයි!

      [hi="yellow"]>>විචාරක WicharakaMarch 24, 2013 at 11:33 AM

      ඔන්න ලින්ක් තුනම මගේ බ්ලොග් රෝල්ට දැම්ම. නියමෙට වැඩ කරනවා.


      අසමි දකිමි සොයමි ලියන විචාරක<<[/hi]

      මෙන්න මෙතනින් ගිහින් බලන්නකො කමෙන්ට් එක දිලිසි දිලිසි තියෙන හැටි!

      http://bluejeansntshirts.blogspot.com/2013/03/help-help.html

      Delete
  6. අප්පට ඩෙඟ...සිරාවටම මට හැපී.....උඹට දැනෙන සන්තෝසේ ලෙසටම මටත් දැනෙනවා...මගේ බොග පල්ලා... අන්තිමට මගේ නම දැක්කාම නොසන්ඩාල විදිහට, එපා කියද්දී ගැහුණු හදවතේ පටක ඉරාගෙන ආව යගදාවක් වගේ එකක් මගේ ස්වාරාලේ අග්ගිස්සේ හිර වෙලා මාව අමන්දානන්දයට පත්කරා... සිරාවටම ඩුඩ් අයියේ...දැන් මට ඇඩෙන සයිස්..

    මටත් මහාචාර්ය චන්දන ලොක්කගේ උපදෙසක් පතන්න වෙයි වගේ..මගෙ රෝලත් ලෙඩ දෙන්න පටන් අරන්.

    ReplyDelete
    Replies
    1. මට ඒ ටික ලියනකොට උඹේ භාෂාව හැසිරවීම මතක් වුනා පැතුම්. උඹ තමයි ඒකට එක්ස්පර්ට්. මොනවා බං? බ්ලොග් එකද ලෙඩ දෙන්නෙ බ්ලොග් රෝලද?

      Delete
  7. If there's a will, there's a way. I am glad that u have solved your problem.I too had a similar problem with my new year post. I deleted it and then it worked as usual.I don't understand your technical terms but try to learn about them. I like your new look.(not yours of course. The blog. I don't think that you will ever be able to change that 'maha kalu sinhalayaa' look.)Posts are much more clear and easy to read. not that the former look was bad. but I prefer this new Rexsona look.

    ReplyDelete
    Replies
    1. He, he! Well, I thought the simple look would load it faster, too.
      Anyway, I'm going to have a denim theme again because it has to live up to its name My Blue Jeans with some changes.

      Delete
  8. පහුගිය දවස්වල මම html ටිකක් අතපත ගාලා බැලුවා. ඒකෙත් කෝඩිං වලදි එක ඇඟිල්ලක් වැරදිලා වැදුනොත් මුලු කතන්දරේම අවුල් වෙනවා මචං.

    ReplyDelete
    Replies
    1. HTML වල ඇඟිලි වද්දන්න එපා මචං. :D ටෙම්ප්ලේට් වලට අත දාන්න කලින් ටෙම්ප්ලේට් එක බැකප් කරගෙන හිටපං.

      Delete
  9. අපෙත් බ්‍රාන්ච් එකක මේ වගේ සීන් එකක් වුණා. පාත් එක තියෙන තැනක / වෙනුටව කාගේ හරි අතින් 7 වැදිලා බලද්දී පේන්නෙම නෑ. අන්තිමට මුල ඉඳලා ටයිප් කලාම හරි ගියේ.

    ReplyDelete
    Replies
    1. / වෙනුවට 7 වදුනානම් ආයේ නෑ ජූලි හතයි තමයි සුදීක.

      Delete
  10. Sweet blog! I found it while browsing on Yahoo News. Do you
    have any tips on how to get listed in Yahoo News? I've been trying for a while but I never seem to get there! Thanks

    Check out my blog - game.georgebrown.ca

    ReplyDelete
  11. මටනම් කොහොමත් තේරෙන්නෙ නෑ කොම්පියුටරේ....වැඩ කිඩ. ඒවා දන්න අය කීව නිසා තමයි ඔය තරමින් හරි බ්ලොග් එකක් ලියන්නේ අයියේ...ඉතින් මේ වගේ වුනානම් කොහොමටත් මම දැන ගන්න එකක් නෑ. සොරි. මේ අකරතැබ්බය දැක්කෙත් දැනුයි.

    ReplyDelete
  12. සියලු යහපත් පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගී සුවපත් වසරකට සුබ පැතුම්!

    ReplyDelete
  13. Use all tools to demonstrate your innovative thinking and to plan an impeccable happening.
    The "Export to Facebook " plugin is simple to
    use and allows you to export a single image or an album.

    Just because you can do something doesn't mean you should.

    Also visit my page :: http://social-sponsor.com/

    ReplyDelete
  14. And Ouya, which is about the size of a Rubik's cube. If you don’t have much skill in programming, but still think that creating and developing games is the most suitable for you, there are special courses that will give you training in graphic designing, game development, and computer animation. You can also customize the car including retractable hanggliders.

    my site - http://www.spielespielen24.de

    ReplyDelete
  15. I understand that those are the products designed by manufacturers to make them
    money and if they are endorsed by winning popular professionals,
    sales will be high. It should come as no surprise that i - Tunes is loaded full of pirate apps for i
    - Phone, i - Pod Touch, and i - Pad. The main reason why you would want to
    do this is simple, you can unlock the true potential of
    your purchase.

    Stop by my page Going At this website

    ReplyDelete
  16. This method of fishing also has a by-catch of non-target species such as
    sharks, dolphins, turtles, and other non-target fish species.
    Here is some helpful information so you can select a
    good charter boat and avoid a few of the
    pitfalls. Itis one of the most important aspect is that it is very much pleasurable,
    peaceful, and every so oftenworthwhile also.

    Here is my blog post; Www.Himiroglu.Com

    ReplyDelete
  17. Hi there! I just wanted to ask if you ever have any problems with hackers?
    My last blog (wordpress) was hacked and I ended up losing
    months of hard work due to no data backup. Do you have any methods to stop hackers?



    Feel free to visit my blog post ... binary options trading strategies **

    ReplyDelete

I APPRECIATE YOUR COMMENTS VERY MUCH.

And now you can SPICE’EM UP, too. :)

Wanna escape HTML?

This is how to insert a link:
<a href="LINK HERE"> WORDS HERE</a>

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [en="2"]..............[/en]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]